ජාති, ආගම් පදනම්ව දේශපාලන පක්ෂ ලියාපදිංචි නොකිරීමට තීරණයක්

ජාති, ආගම් පදනම්ව දේශපාලන පක්ෂ ලියාපදිංචි නොකිරීමට තීරණයක්

ජාති, ආගම් පදනම්ව දේශපාලන පක්ෂ ලියාපදිංචි නොකිරීමට තීරණයක්

කර්තෘ Staff writer

07 Jul, 2019 | 7:57 am

COLOMBO (News 1st) – ජාති හා ආගම් පදනම මත පිහිටුවන දේශපාලන පක්ෂ මින් ඉදිරියට ලියාපදිංචි නොකිරීමට ජාතික මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.

එම කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නායක මහතා සඳහන් කළේ, මෙවැනි පක්ෂ පිහිටුවීමෙන් දේශපාලන වශයෙන් මෙන්ම ආගමික හා සමාජීය වශයෙන්ද විවිධ ප්‍රශ්න ඇතිවීමේ ප්‍රවණතාව හේතුවෙන් මේ පියවර ගත් බවයි.

ඒ අනුව අදාළ තීරණයට එළඹි බව ද ඔහු පැවසුවේ ය.

මේ අතර දැනට ජාතිවාදී හා ආගම්වාදී පදනමින් පිහිටුවා ඇති පක්ෂවල නම් ද ඇතැම් දේශපාලන පක්ෂ මේ වනවිට වෙනස් කර ගනිමින් සිටින බව ද ජාතික මැතිවරණ කොමිසම සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]