මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ඉහළට

මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ඉහළට

by Staff writer 06-07-2019 | 7:14 AM

COLOMBO (News 1st) - හම්බන්තොට සිට පොතුවිල් හරහා මඩකලපුව දක්වා සහ පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය කිලෝමීටර් 60 දක්වා වැඩිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එහි ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කළේ, එය අද පස්වරුව දක්වා බලපැවැත්වෙන බවයි. ඒ පිළිබඳව ධීවර හා නාවුක ප්‍රජාව විමසිලිමත් විය යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.