by Staff writer 06-07-2019 | 10:07 PM
COLOMBO (News 1st) - බ්‍රිතාන්‍යයේ සිට මෙරටට ගෙන්වූ භාවිත කරන ලද මෙට්ට ඇතුළත් කන්ටේනර් 65ක් රේගුවේ පාරිභෝගික ආරක්ෂණ ඒකකය මගින් සිය භාරයට ගෙන තිබේ.
රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසුවේ, මේවා අපද්‍රව්‍ය ගණයට ගැනෙන ද්‍රව්‍ය බවට දැඩි ලෙස සැක කරන බව ය.
මේවායේ පරිසරයට හානිකර ද්‍රව්‍ය පැවතිය හැකි බව ද රේගුව පෙන්වා දෙයි.
මෙම කන්ටේනර් අතරින් කිහිපයක් ලබන සඳුදා විවෘත කර පරීක්ෂාවට ලක් කිරීමට නියමිත අතර, පෞද්ගලික සමාගමක් විසින් අදාළ මෙට්ට ඇතුළත් කන්ටේනර් මෙරටට ගෙන්වා තිබේ.
මීට පෙර ද මෙවැනි මෙට්ට ඇතුළත් කන්ටේනර් 100ක් මෙරටට ගෙන්වා ඇතැයි වාර්තා විය.
කසළ වෙනත් රටවලට යොමු කිරීම මේ වන විට ප්‍රබල රටවල විලාසිතාවක් බවට පත්ව තිබේ.
ගානාව, නයිජීරියාව, ඉන්දුනීසියාව හා බංග්ලාදේශය රටවලට අමෙරිකාව, කැනඩාව, ප්‍රංශය, බෙල්ජියම, ජර්මනිය, නෙදර්ලන්තය හා බ්‍රිතාන්‍ය වැනි රටවලින් කසළ යොමු කිරීම ඊට කදිම සාක්ෂියකි.
බීබීසි වාර්තාවන්ට අනුව කසළ අපනයනය කිරීමේ ප්‍රමුඛත්වය උසුලන්නේ යුරෝපා රටවල් වන අතර, කසළ අපනයනය කරන තනි විශාලතම රාජ්‍ය වන්නේ අමෙරිකාවයි.
ශ්‍රී ලංකාව අත්සන් කිරීමට සැලසුම් කර ඇති සිංගප්පූරු - ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම හරහා ද කසළ බැහැර කරන රටක් ලෙස ශ්‍රී ලංකාව යොදා ගැනීමට උත්සහ කරන බව විද්වත්හු දිගින් දිගටම පෙන්වා දුන්හ.
මැලේසියාව, තායිලන්තය, පිලිපීනය වැනි රටවල් පවතින තත්ත්වය තේරුම් ගෙන ඒවාට එරෙහිව සිය ප්‍රතිපත්ති සකස් කරමින් සිටිය ද, ශ්‍රී ලංකාව ඒ පිළිබඳව බුද්ධිමත් ආකාරයට අවධානය යොමු කර ඇති බවක් පෙනෙන්නට නොමැත.
එපමණක් නොව, මෙරට කසළ බැහැර කිරීමට නිසි ක්‍රමවේදයක් නොමැතිව මහනුවර, මාතර, කරදියාන ඇතුළු කසළ කඳු කිහිපයක්ම ගොඩ ගැසෙන පසුබිමක විදෙස් රටවල කසළ මෙරටට ආනයනය කිරීමට අවසර දෙන්නේ කවුද?
වරින් වර පුත්තලම හා ඒ අවට මුහුදු සීමාවට ඉන්දියාවේ සායනික අපද්‍රව්‍ය ගසාගෙන ඒම ද මේ හා සමාන තත්ත්වයකි.