පකිස්ථානය ඉවතට: නවසීලන්තය ඉදිරියට

බංග්ලාදේශයට එරෙහිව ජය ලැබූවත් පකිස්ථානයේ ලෝක කුසලාන සිහිනය බොඳ වෙයි

by Staff writer 06-07-2019 | 8:49 AM

COLOMBO (news 1st) - ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියේ 43 වන තරගයෙන් බංග්ලාදේශය පරදා ලකුණු 94 ක ජයක් වාර්තා කිරීමට පකිස්ථාන කණ්ඩායම සමත් විය.

පකිස්ථාන මෙම තරගය ජයග්‍රහණය වාර්තා කළ ද ඔවුන්ට මෙවර ලෝක කුසලානයෙන් ඉවත්වීමට සිදුවිය. පකිස්ථානයට ලකුණු 11 ක් හිමි වූ අතර ඔවුන්ට ලකුණු ස්ථානයේ හිමිවූයේ 5 වන ස්ථානයයි. ඒ අනුව නවසිලන්තය මෙවර ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට තේරිපත් වූ සිව්වන කණ්ඩායම බවට පත්විය. අවසන් පූර්ව වටයට තේරිපත් වූ අනෙකුත් කණ්ඩායම් වන්නේ, ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, එංගලන්තය යි. ලන්ඩන්හි ලෝඩ්ස් ක්‍රීඩාංගණයෙදී පැවැති තරගයේ කාසිය වාසිය දිනා ගනිමින් පළමුව පන්දුවට පහර දුන් පකිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 315 ක් රැස් කළේ ය. මෙවර ලෝක කුසලානයේ මංගල ශතකය වාර්තා කළ ආරම්භක පිතිකරු ඉමාම් උල් හක් ලකුණු 100 ක් රැස් කළ අතර බාබර් අසාම් රැස් කළ ලකුණු සංඛ්‍යාව 96 කි. මොහොමඩ් හෆීස් ලකුණු 27 ක් රැස් කළ අතර ඉමාඩ් වසීම් ලකුණු 43 යි. පන්දු යැවීමේදී මුස්ටෆිසර් රහමාන් කඩුලු 5 ක් දවා ගත් අතර මොහොහඩ් සයිෆූඩීන් කඩුලු 3 ක් දවා ගත්තේ ය. අනතුරුව ජයග්‍රහණය සඳහා ලකුණු 316 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 44 යි එක් පන්දුවක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 221 ක් පමණි. සෞම්‍ය සාකර් ලකුණු 22 ක් රැස් කළ අතර ශකීබ් අල් හසන් ලකුණු 64 ක් රැස් කළේ ය. ලිටන් දාස් ලකුණු 32 ක් රැස් කළ අතර මහමුදුල්ලා ලකුණු 29 යි. පන්දු යැවීමේදී ශහීන් අෆ්රිඩි කඩුලු 6 ක් බිඳ හෙලුවේ ය. ඔහු ඉතිහාසගත වූයේ ලෝක කුසලාන තරගයකදී කඩුලු 5 ක් දවා ගත් ලාබාලතම පන්දු යවන්නා ලෙසයි.