by Staff writer 06-07-2019 | 10:35 PM
COLOMBO (News 1st) - ආනමඩුව ආඩිගම ප්‍රදේශයේ වෙළෙඳ සලකට ඊයේ අලුයම කිසියම් පුද්ගලයෙකු ගිනි තබා තිබේ.
මෙම වෙළෙඳ සල මීට පෙර ද කිසියම් කණ්ඩායමකගේ ප්‍රහාරයකට ලක් විය.
ඊයේ අලුයම 12.35ට පමණ හෝටලය වසා තිබියදී පුද්ගලයෙකු පැමිණ කිසියම් දියරයක් දමා ගිනි තබා පළා යන අයුරු CCTV කැමරාවල පටිගත වී තිබේ.
මීට පෙර ද අවස්ථා ගණනාවකදී මෙම හෝටලයට ප්‍රහාර එල්ල වූ අතර, පසුගිය වසරේ අගෝස්තු 18 වන දා රාත්‍රියේ ද මැර කණ්ඩායමක් ප්‍රහාර එල්ල කළේ ය.
එම සිද්ධියට අදාළව සැකකරුවන් අත්අඩංගුවට ගත් අතර, ඔවුන් මේ වන විට ඇප මත මුදා හැර තිබේ.
ඉන් අනතුරුව ද වරක් එම සිද්ධියේ ප්‍රධාන සැකකරු හෝටල් හිමියාට තර්ජනය කර තිබේ.
ස්වෝත්සහයෙන් නැගී සිටීමට වෙර දරණ ව්‍යාපාරිකයින්ට දිගින් දිගටම තර්ජනය කරන මේ දේශපාලන හස්තය කාගේ ද?
ආනමඩුව ආසනයේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මැතිතුමණි, මේ පිළිබදව සොයා බැලිය යුතු නොවේ ද?