කන්කසන්තුරයෙන් නව කොරල්පරයක්

කන්කසන්තුරයෙන් නව කොරල්පරයක්

by Staff writer 06-07-2019 | 7:22 AM

COLOMBO (News 1st) - පසුගිය සතිය පුරා කන්කසන්තුරේ මුහුදු ප්‍රදේශයේ සිදු කළ කිමිදුම් මෙහෙයුමකින් මෙතෙක් සොයාගෙන නොතිබූ ඉතා දැකුම්කළු කොරල්පරයක් සොයා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත්වී තිබේ.

නාවික හමුදාව සඳහන් කළේ, කන්කසන්තුරේ වරාය පරිශ්‍රයෙන් මෙම කොරල්පරය සොයා ගැනීමට හැකි වූ අතර එය මීටර් 400 ක් පමණ දිගට විහිදී ඇති බවයි. මෙම කොරල්පරය ආරක්ෂා කිරීමට කටයුතු කරමින් සිටින බව නාවික හමුදාව සඳහන් කළේ ය.