පාර්ලිමේන්තුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක්

ඉඩම් විශේෂ විධිවිධාන පනත ගැන සාකච්ඡාවක්

by Staff writer 06-07-2019 | 2:03 PM

COLOMBO (News 1st) - පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් ලබන සඳුදා පැවැත්වේ.

පාර්ලිමේන්තු සංකීර්ණයේදී පෙරවරු 9.30 ට පැවැත්වෙන මෙම රැස්වීමේදී ලබන සිකුරාදා විවාදයට ගැනීමට නියමිත ඉඩම් විශේෂ විධිවිධාන පනත පිළිබඳව අවධානය යොමු කෙරෙනු ඇති. දැනට මෙම පනත සම්බන්ධයෙන් අධිකරණයට පෙත්සම් කිහිපයක් ඉදිරිපත් වී ඇති බැවින් එම පනත් කෙටුම්පත සම්බන්ධ පාර්ලිමේන්තු විවාදය නොපැවැත්වීම පිළිබඳව මෙහිදී සාකච්ජාවට ලක් කිරීමට නියමිතව තිබේ. ඉඩම් විශේෂ විධිවිධාන පනත සම්බන්ධ පාර්ලිමේන්තු විවාදය ලබන සිකුරාදා පැවැත්වීමට නියමිතවේ.