අක්මීමන වෙඩි තැබීම: අධිකරණයෙන් දැනුම් දීමක්

අක්මීමන වෙඩි තැබීම: හමුදා සෙබළා ගැන නීතිපති උපදෙස් ලබා ගන්නැයි අධිකරණය දැනුම් දෙයි

by Staff writer 06-07-2019 | 8:22 AM

COLOMBO (News 1st) - අක්මීමන සිදු වූ වෙඩි තැබීමට අදාළව අත්අඩංගුවට ගත් හමුදා සෙබළා සම්බන්ධයෙන් වහාම නීතිපති උපදෙස් ලබා ගන්නා ලෙස ගාල්ල අතිරේක මහේස්ත්‍රාත්වරයා අක්මීමන පොලීසියට උපදෙස් දී තිබේ.

පොලීසිය පැවසුවේ, සැකකාර හමුදා සෙබළා අත්අඩංගුවට ගෙන ඊයේ ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බූස්ස 581 වන බලසේනා මූලස්ථානාධිපති වෙත භාර කර ඇති බවයි. හදිසි අවස්ථා රෙගුලාසි අනුව ක්‍රියා කරන බැවින් නීතිපති උපදෙස් ලැබෙන තෙක් එලෙස රඳවා තබන බව පොලීසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරීවරයකුගේ අධික්ෂණය යටතේ විමර්ශන ක්‍රියාත්මක වේ. පෙරේදා දහවල් 12.05 ට පමණ අක්මීමන මානවිල උපනන්ද කණිෂ්ඨ විද්‍යාලයේදී අදාළ හමුදා සෙබළා සිදු කළ වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු මිය ගියේ ය.