by Staff writer 05-07-2019 | 5:12 PM
COLOMBO (News 1st) - බගවන්තලාව ටිංසින් දෙමළ මහා විද්‍යාලයේ 10 වැනි වසරේ ඉගෙනුම ලැබූ දරුවන් 8 දෙනෙකු හදිසියේ රෝහල්ගත කර තිබේ.
අප වාර්තාකරු පැවසුවේ, එම දරුවන් කැස්ස සහ හුස්ම ගැනීමේ අපහසුතාවයෙන් රෝහල්ගත කළ බවයි.
ඔවුන් සියලු දෙනා බගවන්තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කළ අතර කිසිවෙකුගේ තත්ත්වය බරපතළ නැතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ ය.