මඩකලපුවේදී පො. නිලධාරීන්ට පහර දුන් 4ක් අත්අඩංගුවට

මඩකලපුවේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට 4ක් අත්අඩංගුවට

by Staff writer 05-07-2019 | 10:22 AM
COLOMBO (News 1st) - මඩකලපුව, පුදුර් ප්‍රදේශයේ රථ වාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහර දී ඔවුන් සතු රිවෝල්වරය සහ පතොරම් 5ක් පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, ඊයේ රාත්‍රියේ මඩකලපුව පොලීසිය කළ මෙහෙයුමකදී ය. 19, 23 සහ 55 හැවිරිදි සැකකරුවන් මඩකලපුව අවට ප්‍රදේශවල පදිංචිකරුවන් ය. සැකකරුවන් පැහැර ගන්නා ලද රිවෝල්වරය සොයා තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කළේ ය.