NIC නිකුත් කිරීමේ එක්දින සේවය අද දිනට අවලංගු කෙරේ

පද්ධතියේ දෝෂයක් නිසා හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවය අද දිනට පමණක් අවලංගු කෙරේ

by Staff writer 05-07-2019 | 9:41 AM
COLOMBO (News 1st) - පද්ධතියේ දෝෂයක් හේතුවෙන් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවය අද දිනයට පමණක් අවලංගු කර තිබේ. පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා සඳහන් කළේ, බිඳ වැටුණු පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමට ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ය. ඒ සඳහා විශේෂ කණ්ඩායමක් ද අනුයුක්ත කර තිබේ.