දුම්රිය ධාවනය යථා තත්ත්වයට

දුම්රිය ධාවනය යථා තත්ත්වයට

by Staff writer 05-07-2019 | 10:51 AM
COLOMBO (News 1st) - සේවක වර්ජනය අවසන් වීමත් සමග දුම්රිය ධාවනය මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, වර්ජනය අවසන් කළ සේවකයින් සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් දුම්රිය ගමන්වාර කිහිපයක් ඊයේ රාත්‍රියේ සහ අද උදෑසන අවලංගු කිරීමට සිදු වූ බව ය. එහෙත් මේ වන විට සියලු සේවකයින් රාජකාරියට වාර්තා කර ඇති හෙයින් සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය වන බව ඩිලන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ ය. සේවකයෙකු සම්බන්ධයෙන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ගත් විනය ක්‍රියාමාර්ගයක් වැළැක්වීමට ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්වරයා කළ බව කියන බලපෑම්වලට විරෝධය පළ කරමින් පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය සේවකයෝ වැඩ වර්ජනයක් ආරම්භ කළහ.