ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 05-07-2019 | 6:45 AM
COLOMBO (News 1st)  දේශීය පුවත් 1. මාර්ගයක් අලුත්වැඩියා කර දෙන්නැයි ඉල්ලා ගම්පොළ, නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ මරියවත්ත මන්සන්ධිය අවහිර කළ පිරිසක් විසුරුවා හැරීමට පොලීසිය පියවර ගත්තේ ය. 2. සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මධුෂ් සම්බන්ධ අපරාධ සිද්ධි 4ක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. 3. විදෙස්ගත වීමට තැත් කළ ජාතික තවුහිත් ජමාත් සංවිධානයට සම්බන්ධ ත්‍රස්ත සැකකරුවෙකු කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ. 4. රුපියල් මිලියන 27කට අධික වටිනාකමින් යුත් මත්පෙති තොගයක් සමග මධ්‍යම තැපැල් හුවමාරුවේදී සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. විදෙස් පුවත් 5. පැය ගණනාවක් බිඳ වැටී තිබූ ෆේස්බුක්, වට්ස්ඇප් සහ ඉන්ස්ටග්‍රෑම් සේවා යළි යථා තත්ත්වයට පත් කළ බව ෆේස්බුක් සමාගම පවසයි. ක්‍රීඩා පුවත් 6. දකුණු අප්‍රිකානු ක්‍රිකට් සංචාරයේ තරග විකාශන මුදලට සිදු වූයේ කුමක් ද?