Facebook, WhatsApp යළි යථා තත්ත්වයට

Facebook, WhatsApp යළි යථා තත්ත්වයට

by Staff writer 04-07-2019 | 7:21 AM

(News 1st) -  පැය ගණනාවක් බිඳ වැටී තිබූ ෆේස්බුක්, වට්ස්ඇප් සහ ඉන්ස්ටග්‍රෑම් සේවා යළි යථා තත්ත්වයට පත් කළ බව ෆේස්බුක් සමාගම ට්විටර් වෙබ් අඩවියට පණිවුඩයක් නිකුත් කරමින් කියා තිබේ.

ෆේස්බුක් වෙඩ් අඩවිය සඳහන් කළේ, දැන් යළිත් 100% සිය සේවා නිසි පරිදි ක්‍රියාත්මක වන බවයි. පාරිභෝගිකයන් පත් වූ අපහසුතාවයට සමාව අයදින බව ඉන්ස්ටග්‍රෑම් වෙබ් අඩවිය ප්‍රකාශ කළේ ය. කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කළේ, තවමත් ෆේස්බුක් සහ වට්ස්ඇප් සමාජ වෙබ් අඩවි සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් ව නොමැති බවයි. අන්තර්ජාලය ඔස්සේ මෙම සමාජ වෙඩ් අඩවි වෙත ළඟාවීමට නොහැකි වීම හමුවේ ලොව පුරා ගිණුම්හිමියන් රැසක් ඊයේ දැඩි දුෂ්කරතාවයට පත් විය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පැය 12 ක පමණ කාලයක් මෙම බිඳවැටීම පැවති බවයි. සිය නඩත්තු කටයුත්තකදී උද්ගත වූ ගැටලුවක් හේතුවෙන් මෙලෙස මෙම වෙබ් අඩවි බිඳ වැටුණු බව ෆේස්බුක් සමාගම ප්‍රකාශ කළේ ය.