සංචාරක පැමිණීම 66% කින් ඉහළට

සංචාරකයින්ගේ පැමිණීම 66% කින් ඉහළට...

by Staff writer 04-07-2019 | 8:21 AM

COLOMBO (News 1st) - පසුගිය මාර්තු මාසයේ සිට ජූනි දක්වා කාල සීමාව තුළ දෛනිකව මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ සංඛ්‍යාව 66% කින් වර්ධනය වී ඇතැයි ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය පවසයි.

එහි සභාපති කිෂු ගෝමස් මහතා පැවසුවේ, පසුගිය ජූනි මාසයේ සංචාරකයින් 2,200 ක් පමණ මෙරටට පැමිණ ඇති බවයි. රටවල් කිහිපයක් ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා පැන වූ තහනම මෙතෙක් ඉවත් කර නොමැති බව ද ඔහු සඳහන් කළේ ය.