මත්පෙති තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

රු. මිලියන 27කට අධික මත්පෙති තොගයක් සමග සැකකරුවෙකු මධ්‍යම තැපැල් හුවමාරුවේදී අත්අඩංගුවට

by Staff writer 04-07-2019 | 4:18 PM
COLOMBO (News 1st) - රුපියල් මිලියන 27කට අධික වටිනාකමින් යුත් මත්පෙති තොගයක් සමග මධ්‍යම තැපැල් හුවමාරුවේදී සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. රේගු වැඩබලන මාධ්‍ය ප්‍රකාශක ලාල් වීරකෝන් මහතා සඳහන් කළේ, ස්පීකරයක් තුළ සඟවා මෙරටට එවා තිබියදී එම මත්පෙති තොගය සොයා ගත් බව ය. බෙල්ජියමේ සිට එවන ලද එම පාර්සලය ලබා ගැනීම සඳහා සැකකරු මධ්‍යම තැපැල් හුවමාරුවට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගෙන ඇත්තේ, ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකි.