මධුෂ් සම්බන්ධ අපරාධ 4කට අදාළව පුළුල් විමර්ශනයක්

මධුෂ් සම්බන්ධ අපරාධ සිද්ධි 4කට අදාළව CIDයෙන් පුළුල් විමර්ශනයක්

by Staff writer 04-07-2019 | 4:56 PM
COLOMBO (News 1st) - සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මධුෂ් සම්බන්ධ අපරාධ සිද්ධි 4ක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, පිළියන්දලදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශ නිලධාරීන් පිරිසකට වෙඩි තැබීම, කළුතරදී බන්ධනාගාර බස් රථයට වෙඩි තැබීම, කොස් මල්ලි නමැති පුද්ගලයෙකු ඝාතනය කිරීම සහ පන්නිපිටිය ප්‍රදේශයේ සිදු වූ මැණික් කොල්ලය සම්බන්ධයෙන් එම විමර්ශන කෙරෙන බව ය. ඒ අනුව මධුෂ් ලබා ගත් දුරකතන ඇමතුම් ඔස්සේ එම විමර්ශන සිදු කෙරෙන බව ඔහු සඳහන් කළේ ය.