දුම්රිය වැඩ වර්ජනය අවසන්

දුම්රිය වැඩ වර්ජනය අවසන්

by Staff writer 04-07-2019 | 4:26 PM
COLOMBO (News 1st) - දුම්රිය සේවකයින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අවසන් කර තිබේ. ඒ, අද පස්වරුවේ විෂය භාර අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව ය. ශ්‍රී ලංකා නිදහස් දුම්රිය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් නදීර මනෝජ් මහතා ප්‍රකාශ කළේ, සිය සාමාජිකයින් මේ මොහොතේ සිට සේවයට වාර්තා කරන බව ය.