උගුලෙන් බේරුණු හඳුන් දිවියා

ජීවිතයත් මරණයත් අතර සටනකින් පසු දිවි බේරාගත් හඳුන් දිවියා

by Staff writer 04-07-2019 | 12:39 PM

COLOMBO (News 1st) - ගල්ගමුව ප්‍රදේශයේ උගුලකට හසුව සිටි හඳුන් දිවියෙකු බේරා ගැනීමට වනජීවි නිලධාරීන් සමත් විය.

දේවගිරිපුර ප්‍රදේශයේ නිවසක් පිටුපස අටවා තිබු උගුලකට මෙම හඳුන් දිවියා හසුව තිබුණි. ඊයේ රාත්‍රීයේ මෙම සතා උගුලට හසුවීමෙන් පසු ප්‍රදේශවාසීන් වනජීවි නිලධාරීන් දැනුවත් කර ඇත. ඒ අනුව ක්‍රියාත්මක වූ වනජීවි නිලධාරීන් අද අලුයම එම ස්ථානයට පැමිණ දිවියා බේරා ගැනීමට කටයුතු කළේ ය. දිවියාට වනජීවි නිලධාරීන් ප්‍ර‍තිකර කරමින් පවති. ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව හඳුන් දිවියා රක්ෂිතයකට මුදාහැරීමට නියමිතයි.