ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 04-07-2019 | 6:01 AM

දේශීය පුවත්

1. අමෙරිකානු ගිවිසුම් ගැන කරුණු පැහැදිලි කරන්න, වානිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයි: සෝෆා සහ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම් පිළිබඳව ස්ථාවරය පැහැදිලි කරන ලෙස ලංකා වානිජ මණ්ඩලය රජයෙන් ඉල්ලා සිටි. 2. ප්‍රවාහන ලේකම්වරයාට එරෙහි වූ සාමාන්‍යාධිකාරීට සහය දක්වා යළි ත් දුම්රිය වර්ජනයක් ?: දුම්රිය සේවකයින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට යළි ත් අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කිරීමට සූදානම් වේ. 3. පූජිත් ජයසුන්දර සහ හේමසිරි ප්‍රනාන්දු ලබන 09 වැනි දා තෙක් රිමාන්ඩ්: හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් ලබන 09 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙන්ස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කර තිබේ. 4. බැටික්ලෝ කැම්පස් වාර්තාවේ නිර්දේශ අධ්‍යයනයට අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවක්: බැටික්ලෝ කැම්පස් ආයතනය සම්බන්ධයෙන් අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාව ලබා දුන් වාර්තාවේ නිර්දේශ අධ්‍යයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවක් පත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

විදෙස් පුවත්

5. සමාජ මාධ්‍යවලට ප්‍රවේශවීමේ දෝෂයක්: අමෙරිකාව, යුරෝපය ඇතුළුව ලොව පුරා ඇතැම් රටවල Facebook, Whatsapp ඇතුළු සමාජ මාධ්‍ය භාවිත කරන්නන්ට එම වෙබ් අඩවිවලට ප්‍රවේශවීමේ දෝෂයක් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.