කුරුණෑගල රෝහලේ ප්‍රථම වරට සාර්ථකව අවයව බද්ධයක්

by Staff writer 04-07-2019 | 12:55 PM

COLOMBO (News 1st) - කුරුණෑගල ශික්ෂණ රෝහලේදී ප්‍රථම වරට සාර්ථකව අවයව බද්ධයක් සිදු කර තිබේ.

ඒ, වයස අවුරුදු 9 ක මොළය මිය ගිය දරුවකුගේ වකුගඩු දෙක වයස අවුරුදු 35 ක පුද්ගලයකුට බද්ධ කිරීමෙනි. එකම ශල්‍යාගාරයක් තුළදී අවයව ලබාගැනීම සහ අවයව බද්ධය යන දෙකම එකවර සිදුවීම ද විශේෂත්වයකි.