නුගේගොඩ වාහන තදබදය අඩු කිරීමට වැඩපිළිවෙලක්

රථ වාහන තදබදය අවම කරන්නට නුගේගොඩට නව රථ වාහන පොලිස් කොට්ඨාසයක්

by Staff writer 03-07-2019 | 4:56 PM

COLOMBO (News 1st) - රථ වාහන තදබදය අවම කිරීම අරමුණු කර ගනිමින් බස්නාහිර පළාත් දකුණ රථ වාහන කොට්ඨාසය නමින් නව පොලිස් කොට්ඨාසයක් ආරම්භ කිරීමට පොලිස් මූලස්ථානය සැලසුම් කර තිබේ.

නුගේගොඩ කේන්ද්‍ර කර ගනිමින් එම රථ වාහන පොලිස් කොට්ඨාසය පිහිටුවීමට නියමිතයි. එය වෙනම අධ්‍යක්ෂවරයෙකු යටතේ ක්‍රියාත්මක වන අතර සහකාර පොලිස් අධිකාරීවරුන් තිදෙනෙකුගෙන් හා පොලිස් නිලධාරීන් 200 කින් සමන්විත වනු ඇති.