මීගමුවට අද මධ්‍යම රාත්‍රිය තෙක් වතුර නැහැ

මීගමුව ඇතුළු ප්‍රදේශ රැසකට අද මධ්‍යම රාත්‍රිය තෙක් ජල සැපුයම අත්හිටුවයි

by Staff writer 03-07-2019 | 4:23 PM

COLOMBO (News 1st) - මීගමුව ඇතුළු ප්‍රදේශ රැසකට අද රාත්‍රී 12.00 දක්වා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව ජල සැපයුම අත්හිටුවා ඇත්තේ මීගමුව මහ නගර සභා බල ප්‍රදේශය, කොච්චිකඩේ, දූව, පිටිපන, බාසියාවත්ත, දුන්ගල්පිටිය, පමුණුගම, කටාන, කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපය, කටුනායක ගුවන්තොටුපොළ සහ කටුනායක ගුවන් හමුදා කඳවුර ප්‍රදේශවලටයි. බම්බුකුලිය ජල පවිත්‍රාගාරයේ හදිසි බිඳ වැටීමක් මීට හේතුවී තිබේ.