by Staff writer 03-07-2019 | 6:11 PM
COLOMBO (News 1st) - බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමට ලබන සිකුරාදා සිට දීපව්‍යාප්ත මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, අදාළ මෙහෙයුමේදී බීමත් රියැදුරන් අත්අඩංගුවට ගන්නා නිලධාරීන්ට විශේෂ ත්‍යාග මුදලක් ද පිරිනමන බවයි.
පසුගිය වසර තුළ පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බීමත් රියැදුරන් ගණන එක් ලක්ෂ 5094 කි.
මේ වසරේ මුල් මාස 5 තුළ බීමත් රියැදුරන් 36,359 ක් අත්අඩංගුවට ගෙන තිබේ.
බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔවුන් වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයින් සම්බන්ධයෙන් රථ වාහන කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට වාර්තාවක් ඉදිරිපත් කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.