by Staff writer 03-07-2019 | 5:11 PM
COLOMBO (News 1st) - බැටික්ලෝ කැම්පස් ආයතනය සම්බන්ධයෙන් අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාව ලබා දුන් වාර්තාවේ නිර්දේශ අධ්‍යයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවක් පත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
අමාත්‍යවරුන් 4 දෙනෙකුගෙන් සමන්විත මෙම කමිටුව මුදල්, නගර සැලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන, ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු සහ සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යවරුන්ගෙන් සමන්විත ය.
කැබිනට් මණ්ඩලය මෙම කාරක සභාව පත් කර ඇත්තේ, අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයා විසින් බැටික්ලෝ කැම්පස් ආයතනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාව ඊයේ දින සලකා බලමිනි.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද උදෑසන බැටික්ලෝ කැම්පස් ආයතනය සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබා දුන්නේ ය.
එම කොමිසම පැවසුවේ, පැය එකහමාරකට අධික කාලයක් ලබා දුන් එම ප්‍රකාශයෙන් ඔහු අදාළ ආයතනය සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය කළ බව ය.