COLOMBO (News 1st) - දුම්රිය සේවකයින් අද මධ්‍යම රාත්‍රියේ සිට යළි ත් අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කිරීමට සූදානම් වේ.
ඒ, සේවකයෙකු සම්බන්ධයෙන් දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ගත් විනය ක්‍රියාමාර්ගයක් වැලැක්වීමට ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා බලපෑම් කරන බව පවසමිනි.
දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ සමකැඳවුම්කරු, එස්.පී.විතානගේ,
දුම්රිය සමාන්‍යාධිකාරීවරයා දුම්රිය දෙපාර්තමේන්තුවේ විනය බලධාරියා ලෙස විනය ක්‍රියාමාර්ගයක් අරගන තියනවා මත්පැන් පානය කරමින් සිටපු වෘත්තීය සමිති නායකයෙන් සම්බන්ධයෙන්. මෙන්න මේ වැඩතහනම් කරපු නිලධාරියාට සහයෝගය සඳහා ප්‍රවාහන අමාත්‍යංශය මේ වෙනකොට මැදිහත් වෙලා තියනවා දුම්රිය සමාන්‍යාධිකාරිවරයාට විටින් විට වරින් වර බලපෑම් කරනවා මේ විනය ක්‍රියාමාර්ගය වහාම අත්හිටවන්න. ඔහුව සේවයේ නැවත පිහිටුවන්න කියලා. විනය නීති සංග්‍රහයට අනුව කරපු වැඩ තහනමට තමයි ප්‍රවාහන අමාත්‍යංශය මේ වෙන කොට මැදිහත් වෙලා තිබෙන්නේ. වෘත්තීය සමිතිවල සියල්ලන්ගේම තීන්දුව තමයි විනය ක්‍රියාමාර්ග ගැනීමට එරෙහිව මේ ගනිපු තීන්දුව වහාම ඉවත් කර ගත්තේ නැත්නම් අද මධ්‍යම රාත්‍රියේ සිට සියලුම දුම්රිය ධාවනය අත්හිටුවනවා කියන එක අපි අමාත්‍යවරයාට කියනවා ඉති පැහැදිලිව.
මේ සම්බන්ධයෙන් විමසීමට දුම්රිය සමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද එය අසාර්ථක වුයේ ඔහු දුරකතනයට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙනි.
ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම් එල්.පී ජයම්පති මහතා පැවසුවේ, වෘත්තිය සමිති සාමාජිකයා යළි සේවයේ පිහිටුවන ලෙස සාමාන්‍යාධිකාරිවරයාට ඔහු කිසිදු බලපෑමක් නොකළ බවයි.
මීට මැදිහත් වී ගැටළුව විසඳීමට අවශ්‍ය පියවර ගන්නා බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා අප කළ විමසීමකදී පැවසුවේ ය.
මේ අතර ප්‍රවාහන අමාත්‍යංයේ ලේකම් එල්.පී ජයම්පති මහතා දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාට ඊයේ ලිපියක් යොමු කරමින් අවධාරණය කර ඇත්තේ, අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ගැසට් කර ඇති දුම්රිය සේවාව බිඳ වැටීමකින් තොරව පවත්වාගන යාමේ වගකීම සාමාන්‍යාධිකාරිවරයා සතු වන බවයි.
දුම්රිය ධාවනයට අවශ්‍ය කාර්ය මණ්ඩලය සම්පූර්ණ කර ගැනීම හා නොදන්වා සේවයට වාර්තා නොකරන සේවකයින් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම ද ඔහුගේ වගකීම බව ලේකම්වරයා මෙම ලිපියෙන් පෙන්වා දී තිබේ.
මේ අතර වෘත්තීය සමිති පසුගිය සති දෙකේ බ්‍රහස්පතින්දා දිනයේ වැටුප් හා උසස්වීම් සම්බන්ධ ගැටලුවක් මුල්කර ගෙන වර්ජනයක් සිදු කළේ ය.
අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කර තිබියදී එසේ වැඩවර්ජනයක නිරතවීම සම්බන්ධයෙන් ඊට සහභාගී වූ සියලු සේවකයින්ගෙන් නිදහසට කරුණු විමසා ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කර තිබියදී සේවකයින් ක්‍රියාත්මක කළ වර්ජනය සම්බන්ධයෙන් සිදු වන ඉදිරි විමර්ශන සඳහා අවශ්‍යතාව මත නීතිපති උපදෙස් ගැනීමට පොලීසිය සූදානම් වේ.
පොලීසිය සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා කළ පැමිණිල්ලකට අනුව මේ වන විට විමර්ශන ක්‍රියාත්මක බවයි.