ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 03-07-2019 | 6:36 AM
COLOMBO (News 1st)  දේශීය පුවත් 1. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළේ ය. 2. එක්සත් ජාතික පක්ෂයේ ජනපති අපේක්ෂකයා විය යුත්තේ සජිත් ප්‍රේමදාස මහතා බව අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. 3. මත්ද්‍රව්‍ය විරෝධී සටන හේතුවෙන් තමාට ජීවිත තර්ජන එල්ල වී ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. 4. නාරම්මල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී අරුණ ශාන්ත සහ ඔහුගේ ඥාතියෙකු අත්අඩංගුවට ගෙන තිබේ. විදෙස් පුවත් 5. ඉරානය ගින්දර සමග සෙල්ලම් කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.