සාම සාධක රාජකාරී සඳහා හමුදා කණ්ඩායමක් පිටත්ව යයි

එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරී සඳහා යුද හමුදාවේ 61 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පිටත්ව යයි

by Staff writer 03-07-2019 | 9:54 AM
COLOMBO (News 1st) - එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරී සඳහා යුද හමුදාවේ 61 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද අලුයම දකුණු සුඩානය බලා පිටත්ව ගියේ ය. නිලධාරීන් 11 දෙනෙකුගෙන් සමන්විත එම කණ්ඩායම යුද හමුදාවේ වෛද්‍ය බලකා සාමාජිකයින්ගෙන් සමන්විත ය. ඔවුන් දකුණු සුඩානයට මෙරටින් පිටත්ව යන 6 වන හමුදා කණ්ඩායම වන අතර වසරක කාලයක් එහි සේවය කිරීමට නියමිත බව යුද හමුදාව සඳහන් කළේ ය. මෙම කණ්ඩායම පිටත්ව යාමත් සමග එහි සේවය කරන 66 දෙනෙකුගෙන් යුත් යුද හමුදා කණ්ඩායමක් යළි දිවයිනට පැමිණෙන බව ද යුද හමුදාව සඳහන් කළේ ය.