අබිමන් වරම් ශිෂ්‍යත්ව වැඩසටහනේ පෙර ගමන් චාරිකාව අද දෙවන දිනටත්

by Staff writer 03-07-2019 | 12:45 PM
COLOMBO (News 1st) - ඇන්කර් සහ ද චැම්පියන්ස් නෙට්වර්ක් ඒකාබද්ධව බලගන්වන්න අබිමන් වරම් ශිෂ්‍යත්ව වැඩසටහනේ පෙර ගමන් චාරිකාව අද දෙවන දිනටත් ක්‍රියාත්මක ය. අනාගතය ගැන සිහින දකින දැයේ දරුවන් ජයග්‍රහණය කරා රැගෙන යාම අබිමන් වරම් ශිෂ්‍යත්ව වැඩසටහනේ අරමුණයි. මේ පිළිබඳව දැනුවත් කිරීම සඳහා ඊයේ කතරගමින් ආරම්භ කෙරුණු පෙර ගමන් චාරිකාව අද ඌව හා පාළාතේ ප්‍රදේශ ගණනාවකට පැමිණීමට නියමිත ය. පෙර ගමන් චාරිකාවේ නිරත එක් කණ්ඩායමක් සිය වැඩසටහන බණ්ඩාරවෙල නගරයෙන් ආරම්භ කළේ ය. ඔවුන් අද දිනයේ හාලිඇළ, බදුල්ල හා නුවරඑළිය නගර හා ඒ අවට ප්‍රදේශවල ජනතාව මෙම වැඩසටහන පිළිබඳව දැනුවත් කිරීමට සූදානම් ය. අබිමන් වරම් 2019 පිළිබඳව දැනුවත් කිරීමේ පෙර ගමන් චාරිකාවේ තවත් කණ්ඩායමක් අද මොනරාගල නගරයෙන් ගමන් ආරම්භ කළේ ය. ඔවුන් අද දවසේ මොනරාගල හා සියඹලාණ්ඩුව ප්‍රදේශවල ජනතාව දැනුවත් කරමින් අම්පාර නගරය දක්වා පැමිණීමට නියමිත ය. වයස අවුරුදු 12ත් 18ත් අතර වයසේ පසුවන දිවයිනේ සියලු ම පාසල් දරුවන්ට මෙම ශිෂ්‍යත්ව වැඩසටහනට අයැදුම් කළ හැකි අතර මෙම ශිෂ්‍යත්ව වැඩසටහනේදී දැයේ දුවා දරුවන්ගේ දක්ෂතා කාණ්ඩ 10ක් යටතේ ඇගයීමට ලක් කෙරෙණු ඇති. www.newsfirst.lk අප වෙබ් අඩවියෙට පිවිසීමෙන් ශිෂ්‍යත්ව වැඩසටහනට එක්වීමේ අයැදුම්පත් ලබා ගත හැකි අතර වැඩිදුර තොරතුරු සඳහා 0777-600040 දරන දුරකතන අංකය විවෘත කර තිබේ.