හිටපු ආරක්ෂක ලේකම්වරයා රෝහල්ගත කෙරේ

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු රෝහල්ගත කෙරේ

by Staff writer 02-07-2019 | 10:04 AM
COLOMBO (News1st) : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට අද දිනයේ පැමිණිය නොහැකි බව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා දැනුම්දී තිබේ. ඒ , ඔහු හදිසියේ රෝහල්ගත වීම හේතුවෙනි. අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පුජිත් ජයසුන්දර සහ හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන්ට අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන්නැයි දැනුම් දී තිබිණ. ඒ අප්‍රේල් 21 වනදා සිදු වූ ප්‍රහාරයට අදාළව ප්‍රකාශ ලබා ගැනීම සඳහායි.