හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු අත්අඩංගුවට

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු අත්අඩංගුවට

by Staff writer 02-07-2019 | 4:08 PM
COLOMBO (News 1st) - හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අපරාධ පරීක්ෂණ ‍දෙපාර්තමේන්තුව විසින් මීට ටික වේලාවකට පෙර අත්අඩංගුවට ගනු ලැබී ය. අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දෙන්නැයි මීට පෙර ඔහුට නියෝග කර තිබිණි. නමුත් පපුවේ ඇති වූ බව කියන වේදනාවක් හේතුවෙන් හේමසිරි ප්‍රනාන්දු මහතා කොළඹ ජාතික රෝහලේ හෘද චිකිත්සක ඒකකයට අද පෙරවරුවේ ඇතුළත්ව තිබිණි. අප්‍රේල් 21 ප්‍රහාරය වළක්වා ගැනීමට අදාළව රාජකාරිය පැහැර හැරීම සම්බන්ධයෙන්, දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදු කර ඇති බව පවසමින් නීතිපතිවරයා පසුගියදා වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දුන්නේ, හේමසිරි ප්‍රනාන්දු මහතාට එරෙහිව වහා නීතිමය පියවර ගන්නා ලෙස ය.