මත්ද්‍රව්‍ය විරෝධී සටන නිසා ජනපතිට ජීවිත තර්ජන

මත්ද්‍රව්‍ය විරෝධී සටන නිසා ජීවිත තර්ජනත් මට එල්ල වී තිබෙනවා - ජනපති

by Staff writer 02-07-2019 | 10:01 PM
COLOMBO (News 1st) - ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පස්වරුවේ පොළොන්නරුවේදී මහවැලි ජනපදිකයින්ට ඉඩම් ඔප්පු 8000ක් පිරිනැමීමේ අවස්ථාවට එක් විය. මෙහිදී ජනතාව අමතමින් ජනාධිපතිවරයා මරණ දඬුවම ලබා දීමට ගත් තීරණය පිළිබඳව අදහස් පළ කළේ ය. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහය දක්වන පුද්ගලයින් මේ වන විට මරණ දඬුවම ලබා දීම වළක්වන්නැයි ඉල්ලා අධිකරණයට ගොස් ඇති බව ද ජනාධිපතිවරයා සඳහන් කළේ ය. ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේ, මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව සිදු කර ගෙන යන කාර්යය හේතුවෙන් තමාට ද ජීවිත තර්ජන එල්ල වී ඇති බවට බුද්ධි අංශ දැනුවත් කර ඇති බව ය.