by Staff writer 02-07-2019 | 12:31 PM
COLOMBO (News 1st) :
Update :කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයෙන් වසර 3ක සිර දඬුවම් නියම වූ, නියෝජ්‍ය පොලිස්පති හෙක්ටර් ධර්මසිරි, අභියාචනයක් ඉදිරිපත් කිරීම හේතුවෙන් රුපියල් ලක්ෂ 3ක ශරීර ඇප මත මුදාහැර තිබේ.
-----------------------------------------------------------------------------------------------------------------------------
දුෂණ චෝදනාවන්ට කොළඔ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ වරදකරු වූ නියොජ්‍ය පොලිස්පති හෙක්ටර් ධර්මසිරිට වසර 3ක සිරදඬුවම් නියම කිරීමට විනිසුරු ලංකා ජයරත්න මෙනවිය අද නියොග කළා ය.
මීට අමතරව ඔහුට රුපියල් ලක්ෂ 3ක දඩයක් නියම කිරීමට ද අධිකරණය නියෝග කර තිබේ.
2007 වසරේදි සිය පෞද්ගලික ඉදිකිරිම් කටයුත්තක් සඳහා සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරින් පිරිසක් යොදවා ගැනීම ඇතුළු චෝදනා 15 කට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් මෙම නඩුව ගොනු කර තිබිණ.
අදාළ චෝදනා 15 න් 6කට මොහු වරදකරු බව අධිකරණය තීරණය කළේ ය.
විනිසුරුවරිය නියෝග කළේ, අනිකුත් චෝදනා 9න් මොහු නිදොස් කොට නිදහස් කිරීමටයි.
හිටපු නියොජ්‍ය පොලිස්පතිවරයා වරදකරු කරනු ලැබු චෝදනා 6ට වෙන වෙන ලිහිල් සිරදඬුවම් නියෝග කළ අධිකරණය එම සිරදඬුවම් කාලය වසර 3 කින් ගෙවියන පරිදි ලබා දිමට ද එහිදී නියෝග කළේ ය.