නාරම්මල SLPP මන්ත්‍රී අරුණ ශාන්ත අත්අඩංගුවට

නාරම්මල ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රී අරුණ ශාන්ත අත්අඩංගුවට

by Staff writer 02-07-2019 | 3:51 PM
COLOMBO (News 1st) - නාරම්මල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී අරුණ ශාන්ත සහ ඔහුගේ ඥාතියෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, පුද්ගලයෙකුට පහර දීමේ සිද්ධියකට අදාළව ය. පහර කෑමට ලක් වූ පුද්ගලයා පසුගිය 27 වන දා පොලීසියට පැමිණිලි කර තිබේ. පොලීසිය ප්‍රකාශ කළේ, මන්ත්‍රී අරුණ ශාන්ත සහ ඔහුගේ ඥාති වන පුද්ගලයෙකු පොලීසියට පැමිණ භාර වීමෙන් අනතුරුව එලෙස අත්අඩංගුවට ගත් බව ය. සැකකරුවන් කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.