by Staff writer 02-07-2019 | 9:26 PM
COLOMBO (News 1st) - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළේ ය.
ඒ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද පස්වරුවේ ජාතික රෝහලට සහ නාරාහේන්පිට පොලිස් රෝහලට පැමිණ හේමසිරි ප්‍රනාන්දු මහතා සහ පූජිත් ජයසුන්දර යන මහත්වරුන් නිරීක්ෂණය කිරීමෙන් පසුව ය.
සැකකරුවෝ මේ වන විට බන්ධනාගාර නිලධාරීන් භාරයේ ජාතික රෝහලේ සහ පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.
මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ, හෙට දිනයේ වැඩිදුර කරුණු අධිකරණයට වාර්තා කරන ලෙස ය.
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා නාරාහේන්පිට පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබී ය.