සූඩාන වැසියෝ දහස් ගණනක් වීදි බසිති

හමුදා පාලනයට එරෙහිව සූඩාන වැසියෝ දහස් ගණනක් වීදි බසිති

by Staff writer 01-07-2019 | 7:15 AM
COLOMBO (News 1st) : හමුදා පාලනයට එරෙහිව සූඩාන වැසියන් දහස් ගණනක් වීදි බැස විරෝධතාවල නිරතව සිටිති. සූඩාන රජයේ මාධ්‍ය වාර්තා කළේ, මෙම විරෝධතාවලදී හටගත් ගැටුම්වලින් පුද්ගලයන් 7 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයන් 181 දෙනෙකු තුවාල ලැබූ බවයි. සූඩාන හමුදාව , ඉකුත් අප්‍රේල් මාසයේදී එරට ජනාධිපති ඕමාර් අල් බෂීර් ධූරයෙන් නෙරපාහැරීමෙන් පසු එරට ව්‍යාකූල තත්ත්වයක පැවතිණ. සූඩානයේ ප්‍රජාතන්ත්‍ර හිතවාදී විරෝධතාකරුවන් ඉකුත් ජුනි මස 3 වැනි දින පැවති රැළියට පසු පැවැත්වෙන විශාලතම හමුදා විරෝධි රැළිය මෙය බව සඳහන් ය. සූඩානය පාලනය කරන හමුදා කවුන්සිලය , සිවිල් පරිපාලනයකට ඉඩ දිය යුතු බව විරෝධතාකරුවන්ගේ ඉල්ලීමයි. විරෝධතාකරුවන් විසුරුවා හැරීමට ආරක්ෂක අංශ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇතැයි ද සූඩාන මාධ්‍ය වාර්තා කළේ ය.