චීන ජාතිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට

ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ් සකසන යන්ත්‍රයක් සමග චීන ජාතිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට

by Staff writer 01-07-2019 | 9:02 AM
COLOMBO (News 1st) : කොල්ලුපිටිය ප්‍රදේශයේදී හෝටලයකදී ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ් පත් සැකසීමට යොදාගන්නා යන්ත්‍රයක් සමග චීන ජාතිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ එහිදී ක්‍රෙඩිට් කාඩ්පත් මුද්‍රණය කිරීමට භාවිත කරන හිස් කාඩ්පත් 5 ක් මෙන්ම ලැප්ටෝප් පරිගණකයක් ද සිය භාරයට ගත් බවයි. මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින්ට ලද තොරතුරක් මත ඊයේ පස්වරුවේ අත් අඩංගුවට ගත් සැකකරුවන් හා භාණ්ඩ වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමට නියමිත බව පොලීසිය සඳහන් කළේ ය.