කොස්තාපල්ට පහර දුන් මන්ත්‍රී පුත්‍රයා රිමාන්ඩ්

මන්ත්‍රී ශාන්ත අබේසේකරගේ පුත් ඉෂාර චතුරංග අබේසේකර රිමාන්ඩ්

by Staff writer 01-07-2019 | 4:02 PM

COLOMBO (News 1st) - ඇමති ආරක්ෂක අංශයට අනියුක්ත පොලිස් නිලධාරියෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත සිසිර කුමාර අබේසේකර මහතාගේ පුත් ඉෂාර චතුරංග අබේසේකර ලබන 04 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ, සැකකරු අද පස්වරුවේ හලාවත ප්‍රධාන මහේස්ත්‍රාත් රකිත අබේසිංහ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. පෙරේදා රාත්‍රී 8.45 ට පමණ හලාවත, සේදවත්ත ප්‍රදේශයේ පිහිටි නිවසේදී ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් මන්ත්‍රී ශාන්ත සිසිර කුමාර අබේසේකර මහතාගේ පුත්‍රයා විසින් ඇමති ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුට පොල්ලකින් පහරදී තිබුණි. පසුව සැකකරු අද උදෑසන හලාවත පොලීසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගනු ලැබුවේ ය. පොලීසිය සඳහන් කළේ, පහරදීමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරියා මේ වන විට හලාවත රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.