ඇමති අකිල විරාජ් ජනපති කොමිසමේ පොලිස් ඒකකය හමුවට

ඇමති අකිල විරාජ් ජනපති කොමිසමේ පොලිස් ඒකකය හමුවට

by Staff writer 01-07-2019 | 11:56 AM
COLOMBO (News 1st) : අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද පසුගිය වසර 4 තුළ රාජ්‍ය ආයතනවල දූෂණ වංචා පිළිබඳ විමර්ශනයට පත්කල ජනපති කොමිසමේ පොලිස් ඒකකය හමුවට පැමිණියේ ය. ඒ, පෙළ පොත්වල අධ්‍යාපන ඇමතිවරයාගේ ඡායාරූපය සහ පණිවුඩයක් ඇතුළත් කිරීමට අදාළව සිදුකෙරෙන විමර්ශන සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහායි. මේ වන අමාත්‍යවරයා පොලිස් ඒකකය හමුවේ ප්‍රකාශය ලබාදෙමින් ඇතැයි ජනපති කොමිසම සඳහන් කළේ ය.