ඇල්පිටියේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු  මරුට

ඇල්පිටියේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

by Staff writer 01-07-2019 | 6:33 AM
COLOMBO (News 1st)  : ඇල්පිටිය, අනුරුද්ධගම ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. ඊයේ රාත්‍රී 8.10 ට පමණ නිවසක සිටි පුද්ගලයෙකුට එලෙස වෙඩි ප්‍රහාරය එල්ලවී ඇති අතර ඔහු ප්‍රතිකාර සඳහා ඇල්පිටිය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව පොලීසිය පැවසී ය. එලෙස මියගොස් ඇත්තේ, 42 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණ වී නොමැති අතර පොලීසිය පැවසුවේ  සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක බවයි.