සෝෆා ගිවිසුමේ කෙටුම්පතක් ලද බවට පුවත්පත් වාර්තාවක්

සෝෆා ගිවිසුමේ කෙටුම්පතක් ලද බවට පුවත් පත් වාර්තාවක්

by Staff writer 30-06-2019 | 9:24 PM
COLOMBO (News 1st) : අමරිකාව හා ශ්‍රී ලංකාව අතර දැනට සාකච්ඡා ම්ට්ටමේ පවතින සෝෆා ගිවිසුමේ කෙටුම්පතක් තමන්ට ලැබුණු බව සන්ඩේ ටයිම්ස් පුවත්පත අද වාර්තා කර තිබේ. මෙම පුවත්පත් වාර්තාවේ දැක්වෙන්නේ, සෝෆා ගිවිසුම් කෙටුම්පත මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වයට හානි කරන කොන්දේසි කිහිපයක් වොෂිංටනය සඳහන් කර ඇති බවයි. ඇමරිකානු රජයේ ගුවන් යානා සහ නැව්වලට කිසිදු පරීක්ෂාවකින් තොරව රිසි සේ මෙරට පැමිණිය හැකි බව ද සන්ඩේ ටයිම්ස් දේශපාලන පුවත් කර්තෘ සඳහන් කර තිබේ. එමෙන්ම කිසිදු අවසරයකින් තොරව රේගුව විසින් අය කරන බදු මුදල්වලින් සහ අනෙකුත් අය කිරීම්වලින් ද තොරව ශ්‍රී ලංකාවට නැව් හා ගුවන් යානා ගෙන්විය හැකි බව ද එහි දැක්වේ. තම හමුදා කණ්ඩයන්ට ශ්‍රී ලංකාවේ ඕනෑම තැනක රාජකාරීවල නිරත වන විට තම නිල ඇඳුම, ආයුද සහ සන්නිවේදන උපකරණ ළඟ තබා ගැනීම සඳහා ද මෙමගින් අවසර ඉල්ලා ඇතැයි සන්ඩේ ටයිම්ස් වාර්තාවේ සඳහන් ය. සන්ඩේ ටයිම්ස් දේශපාලන කර්තෘ, සෝෆා ගිවිසුමේ කෙටුම්පත උපුටා දක්වමින් පෙන්වා දෙන්නේ, විදේශ ගමන් බලපත්‍රයක් හෝ වීසා රහිතව ඇමරිකානුවන්ට තනියම හෝ කණ්ඩායම් වශයෙන් මෙරටට ඇතුළුවීමට හා පිටවීමට මෙමගින් අවස්ථාව උදාවී ඇති බවයි. https://www.youtube.com/watch?v=UAhSXIj6YGU