තලාවේ අනතුරකින් ගැබිණි  මවක් ඇතුළු තිදෙනෙකු මරුට

තලාවේ මාරක අනතුරක් : ගැබිණි මවක් ඇතුළු තිදෙනක් මරුට

by Staff writer 30-06-2019 | 7:56 AM
COLOMBO (News 1st) : අනුරාධපුර - කුරුණෑගල මාර්ගයේ තලාව , මොරගොඩ ප්‍රදේශයේදී අද අලුයම සිදුවූ රිය අනතුරකින් ගැබිණි කාන්තාවක් ඇතුළු කාන්තාවන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය සඳහන් කළේ, වෑන් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි. අනතුරින් මියගොස් ඇත්තේ වෑන් රථයේ ගමන් කළ තිදෙනෙකු වන අතර බරපතළ තුවාල ලැබූ 6 දෙනෙකු අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබේ. ඉන් තිදෙනෙකු ලොරි රථයේ ගමන් කළ පුද්ගලයින් ය. වෑන් රථයේ ගමන් කළ පුද්ගලයින් ගල්නෑව , විජිතපුර ප්‍රදේශයේ පදිංචිකරුවන් ය. https://www.facebook.com/NewsfirstSL/videos/1352948734855656/