ට්‍රම්ප් තෙවන වරටත්  කිම් හමුවීමට සූදානම්

ට්‍රම්ප් තෙවන වරටත් උ. කොරියානු නායකයා හමුවීමට සූදානම්

by Staff writer 30-06-2019 | 11:22 AM
ඉදිරි පැය කිහිපය ඇතුළත උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් හමුවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඒ, යුද මුක්ත කලාපයේ පිහිටි පැන්මුන්ජොම් දේශසීමා ගම්මානයේදීයි. මෙය අමෙරිකානු ජනාධිපතිවරයා සහ උතුරු කොරියානු නායකයා අතර පැවැත්වෙන තුන්වැනි හමුවයි. නායකයින් දෙපළ අතර පැවති දෙවැනි හමුව එකඟතාවකින් තොරව අවසන් විය.