විදුලිබල මණ්ඩලයට ඉන්ධන නිකුත් නොකිරීමේ තීරණයක්

ඛනිජ තෙල් වෘත්තිය සමිතිවලින් ඇමති රවීට අනතුරු ඇඟවීමක්...

by Staff writer 30-06-2019 | 9:25 PM
COLOMBO (News 1st) : ද මධ්‍යම රාත්‍රීයේ සිට විදුලි බල මණ්ඩලය සඳහා ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවන බව ඛනිජ තෙල් වෘත්තිය සමිති පවසයි. කොළඹ වරායේ සිට කොළොන්නාව දක්වා තෙල් පොම්ප කරන නළ පද්ධතිය නවීකරණ කටයුතුවලට විදුලි බල අමාත්‍ය රවී කරුණානායක මහතා බාධා කරන බව පවසමින් වෘත්තිය සමිති මෙම තීරණයට එළැඹිණ. කොළඹ වරායට පැමිණෙන ඉන්ධන නෞකාවල සිට කොළොන්නාව දක්වා තෙල් පොම්ප කරන නළ පද්ධතිය වසර 75 කට වඩා පැරණි එකකි. අවස්ථා ගණනාවකදී මෙහි කාන්දු වීම් වාර්තා වූ අතර, කිලෝ මීටර් පහ හමාරක දිගින් යුත් මෙම නළ පද්ධතියේ ඇතැම් නළ මාර්ග, දිරා පත්වීම හේතුවෙන් සම්පුර්ණයෙන්ම අත්හැර දමා තිබේ. ඒ හේතුවෙන් මේ වනවිට භාවිත කළ හැකි තත්ත්වයේ පවතින්නේ නළ මාර්ග දෙකක් පමණි. එම නළ දෙක ද දැඩි අබලන් තත්ත්වයේ පැවතීම හේතුවෙන් නෞකාවකින් ඉන්ධන පොම්ප කිරීමට ගතවන දින තුනක සාමාන්‍ය කාලය වෙනුවට දින හයක් හෝ හතක් වැනි දීර්ඝ කාලයක් ගතවන බව වෘත්තිය සමිති පෙන්වා දෙයි. ඒ හේතුවෙන් වසරකට නෞකාවලට ගෙවීමට සිදුව ඇති ප්‍රමාද ගාස්තුව ඩොලර් මිලියන 4කි. ඒ හේතුවෙන් නව නළ මාර්ගය එළීමේ කටයුතු කඩිනමින් අවසන් කිරිමේ අවශ්‍යතාව වෘත්තිය සමිති පෙන්වා දෙයි. https://www.youtube.com/watch?v=9iEoBa5-1ZY