කටුගස්තොට කර්මාන්ත ශාලාවක ගින්නක්

කටුගස්තොට කර්මාන්ත ශාලාවක ගින්නක්

by Staff writer 30-06-2019 | 3:52 PM
COLOMBO (News 1st) : කටුගස්තොට, වැරැල්ලගම ප්‍රදේශයේ ගිනි පෙට්ටි කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, ගිනි පෙට්ටි අසුරා තිබූ ගබඩාවක ගින්න හටගෙන ඇති බවයි. ගින්නෙන් ගබඩාවට දැඩි හානි සිදුව ඇතැයි පොලීසිය පැවසී ය. ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර ගින්න මැඩපැවැත්වීම සඳහා මහනුවර ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ සේවා රථ 4ක් යොදවා තිබේ.