අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂවරයා ජනපති කොමිසම හමුවට

අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂවරයා රාජ්‍ය ආයතනවල වංචා හා දූෂණ සොයන ජනපති කොමිසම හමුවට

by Staff writer 30-06-2019 | 9:27 AM
COLOMBO (News 1st) : පිළිකා ඖෂධ ආනයනයේදී සිදුවූ වංචාවක් සම්බන්ධයෙන් සාක්ෂි විමසීමට මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක මහතා පසුගිය සිව් වසර තුළ රාජ්‍ය ආයතනවල වංචා හා දූෂණ විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසම හමුවට කැඳවා තිබේ. කොමිසමේ ප්‍රකාශයෙක් සඳහන් කළේ, හෙට දිනයේ ඔහු සාක්ෂි ලබාදෙන බවයි. මීට අමතරව අදාළ වංචාව සම්බන්ධයෙන් පෞද්ගලික ඖෂධ සමාගම් දෙකක ඉහළ නිලධාරින් ද හෙට දිනයේ කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට කැඳවා ඇති බව ජනාධිපති කොමිසම සඳහන් කළේ ය. එහි නිලධාරියෙකු පැවසුවේ, මේ අතර බැටික්ලෝ කැම්පස් ආයතනය සඳහා ඉඩම් නිදහස් කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශයක් ලබාදීමට ජනපති කොමිසම හමුවට හෙට දිනයේ කැඳවා ඇති බවයි.