තලාවේ මාරක අනතුරක් : ගැබිණි මවක් ඇතුළු තිදෙනක් මරුට

තලාවේ මාරක අනතුරක් : ගැබිණි මවක් ඇතුළු තිදෙනක් මරුට

තලාවේ මාරක අනතුරක් : ගැබිණි මවක් ඇතුළු තිදෙනක් මරුට

කර්තෘ Staff writer

30 Jun, 2019 | 7:56 am

COLOMBO (News 1st) : අනුරාධපුර – කුරුණෑගල මාර්ගයේ තලාව , මොරගොඩ ප්‍රදේශයේදී අද අලුයම සිදුවූ රිය අනතුරකින් ගැබිණි කාන්තාවක් ඇතුළු කාන්තාවන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය සඳහන් කළේ, වෑන් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ වෑන් රථයේ ගමන් කළ තිදෙනෙකු වන අතර බරපතළ තුවාල ලැබූ 6 දෙනෙකු අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබේ.

ඉන් තිදෙනෙකු ලොරි රථයේ ගමන් කළ පුද්ගලයින් ය.

වෑන් රථයේ ගමන් කළ පුද්ගලයින් ගල්නෑව , විජිතපුර ප්‍රදේශයේ පදිංචිකරුවන් ය.

ගැබිණි මවක් ඇතුළු කාන්තාවන් තිදෙනකුට ජීවිත අහිමි වූ තලාවේ මාරක රිය අනතුර…

ගැබිණි මවක් ඇතුළු කාන්තාවන් තිදෙනකුට ජීවිත අහිමි වූ තලාවේ මාරක රිය අනතුර… #lka #News1st #ThalawaAccident #ESS

Posted by Newsfirst.lk on Saturday, June 29, 2019

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]