රතන හිමිගෙන් වැඩබලන පොලිස්පතිට පැමිණිල්ලක්

සාෆි සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදු නොවන බවට රතන හිමිගෙන් පැමිණිල්ලක්

by Staff writer 29-06-2019 | 4:09 PM
COLOMBO (News 1st) - කුරුණෑගල රෝහලේ වෛද්‍ය මොහොමඩ් සාෆි සහබ්දීන් මහතා සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන නිසි ආකාරයෙන් සිදු නොවන බවට පූජ්‍ය අතුරලියේ රතන හිමියන් වැඩබලන පොලිස්පතිවරයාට ඊයේ ලිඛිත පැමිණිල්ලක් භාර දී තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයා විසින් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් අදාළ කරුණු සම්බන්ධයෙන් වාර්තාවක් එවන ලෙස දන්වා ඇති බව ය. එම වාර්තාවේ කරුණු මත ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ය.