"සියලු දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීම ඉතා වැදගත්"

"සාමකාමී රටක් ගොඩනැගීමට නම් සියලු දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීම වැදගත්" - ජනපති

by Staff writer 29-06-2019 | 7:16 AM

COLOMBO (News 1st) - සියලු ජන කොටස් සහෝදරත්වයෙන් ජීවත්වන විනයගරුක සහ සාමකාමී රටක් ගොඩනැගීම සඳහා දැයේ සියලු දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීම ඉතා වැදගත් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිතුමා ඒ බව ප්‍රකාශ කළේ, පොළොන්නරුව තඹාල අල් හිලාල් මුස්ලිම් විද්‍යාලයේ නව තෙමහල් විද්‍යාගාර ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදීමේ උත්සවයට එක්වෙමිනි. රට තුළ ජාතීන් වශයෙන් බෙදී වෙන්වී ගැටුම් ඇති කරගත ගත හොත් කිසිදු ජන කොටසකට යහපතක් සිදු නොවන බව පෙන්වා දුන් ජනාධිපතිතුමා පැවසුවේ, රටේ සියලු ජන කොටස් සහෝදරත්වයෙන් සහ සාමයෙන් ජීවත්ව සංවර්ධන වැඩපිළිවෙලකට තමා කැපවී සිටින බවයි.