ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර අවබෝධතා ගිවිසුමක්

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර අවබෝධතා ගිවිසුමක්

by Staff writer 29-06-2019 | 10:28 AM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර සංචාරක ව්‍යාපෘතිය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුමක් අත්සන් තබා තිබේ.

ඒ, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය සහ තායිලන්තයේ සංචාරක අධිකාරිය අතරයි. ශ්‍රී ලාංකික සංචාරකයින්ට තායිලන්තයේ බෞද්ධ සිද්ධස්ථාන වැඳපුදා ගැනීමට යාමට පහසුකම් සැලසීම හා තායිලන්ත සංචාරකයින්ට මෙරට සිද්ධස්ථාන වන්දනාව සඳහා පහසුකම් සැපයීම මෙහි අරමුණයි.